චීනයේ නිරිතදිග චොංචින් (Chongqing) ප්‍රාන්තයේ පසුගිය ජූලි 17 වන දින හටගත් ප්‍රබල නායයෑමකින් පුද්ගලයන් 51 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ප්‍රාදේශීය රජය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
පෙන්ෂුයි මියාඕ සහ ටුජියා ස්වයංපාලන ප්‍රාන්තයේ, වූ ගඟ (Wu River) όශ්‍රිතව සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයන් 10 දෙනෙක් අතුරුදහන්ව සිටිති. ගොඩබිම් ප්‍රදේශවල සෝදිසි කිරීම් අවසන් කර ඇති අතර, අතුරුදහන් වූවන් සෙවීමේ සහ මඩ ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව බලධාරීන් පවසයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














