චීනය විසින් ඉරානයට ආයුධ සැපයුවහොත් තමා දැඩි ලෙස කණගාටුවට පත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති අතර, ටෙහෙරානයට ආයුධ අලෙවි නොකරන බවට චීන ජනාධිපති ෂී ජින්පින් තමාට පෞද්ගලිකව ලබා දුන් සහතිකය ඔහු නැවතත් අවධාරණය කර තිබේ.
ඕවල් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මේ බව සඳහන් කළේ, සති කිහිපයක් ඇතුළත චීනයේ නිෂ්පාදිත කරමත තබාගෙන විදිය හැකි මිසයිල 400ක් දක්වා වූ තොගයක් ඉරානය වෙත ලැබීමට නියමිත බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කිරීමත් සමඟය. චීනය විසින් ඉරානයට නව ගුවන් ආරක්ෂණ පද්ධති සහ ආයුධ ලබා දීමට සූදානම් වන බවට සීඑන්එන් (CNN) පුවත් සේවය වාර්තා කළ බුද්ධි තොරතුරු ඇගයීම්වලින් පසුව මෙම තත්ත්වය මතුවී තිබේ. ෂී ජින්පින් මීට සම්බන්ධ නොවන බවට තමාට ස්ථිරවම පවසා ඇති බවත්, ඔහු එවැන් දෙයක් කළහොත් දැඩි ලෙස කණගාටු වන බව ඔහු හොඳින්ම දන්නා බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.














