ජාත්‍යන්තරයෙන් එල්ල වන දැඩි විරෝධය සහ බලපෑම් නොතකමින් චීනය විසින් තායිවානයට නැගෙනහිර මුහුදු කලාපයේ අලුත්ම වෙරළාරක්ෂක මුරසංචාරයක් (Coast Guard Patrol) ආරම්භ කර ඇති බව නිවේදනය කරයි. මෙම පියවරත් සමඟ තායිවාන රජයෙන් ඊට දැඩි විරෝධයක් සහ ප්‍රතිචාරයක් එල්ල වී තිබේ. පසුගිය මාසයේදී ද චීනය විසින් තායිවාන වෙරළට ඔබ්බෙන් මෙවැනිම විශේෂ බලකා මුරසංචාරයක් දියත් කළ අතර, එය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කිහිපයකම දැඩි කනස්සල්ලට හේතු විය.
තායිවානය තමන්ගේම අයිතිවාසිකමක් ඇති භූමියක් ලෙස සලකන චීන මිලිටරි බලකායන්, දිනපතාම පාහේ තායිවානය අවට මුහුදු සහ ගුවන් කලාපවල ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, මෑතක සිට චීනය සිය මිලිටරි බලකායන් වෙනුවට ‘වෙරළාරක්ෂක බලකායන්’ (Coast Guard) යොදවමින් මෙම මුරසංචාර සිදුකිරීමට පටන් ගෙන ඇත. චීනය සිය භූමි අයිතිවාසිකම් තහවුරු කරගැනීම සඳහා නීතිමය පදනමක් පෙන්වීමට ගන්නා මෙම උත්සාහය, තායිවානය හඳුන්වන්නේ “නීතිමය යුද්ධයක්” (Lawfare) ලෙසයි. චීනයට තායිවාන මුහුදු සීමාව බලහත්කාරයෙන් අයිති කරගැනීමට කිසිදු නීතිමය අයිතියක් නැති බව තායිවාන රජය අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















