ඉදිරි සති කිහිපය තුළ චීනය විසින් නිෂ්පාදිත උරහිස මත රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක මිසයිල දියත් කිරීමේ පද්ධති (MANPADS) 400ක් දක්වා ඇතුළත් පළමු තොගය ඉරානයට ලබාදීමට නියමිත බව Reuters පුවත් සේවය වාර්තා කර තිබේ.
පහත් උසින් පියාසර කරන හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කර ක්ෂණිකව භාවිත කළ හැකි කෙටි දුර ගුවන් ආරක්ෂක ආයුධ පද්ධතියක් ලෙස MANPADS හැඳින්වේ.













