ප්‍රකට ගොඩගේ ප්‍රකාශන ආයතනයෙහි නිර්මාතෘ දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 90 වන වියේ පසුවූ බව වාර්තා වේ.
මෙරට ප්‍රකාශන ක්ෂේත්‍රයට සහ සාහිත්‍ය ප්‍රචාරණයට දශක ගණනාවක් තිස්සේ සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඒ මහතාගේ අභාවය මෙරට සංස්කෘතික හා සාහිත්‍ය ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවකි.














