කෘතිම බුද්ධි සංවර්ධනය සම්බන්ධයෙන් අනිසි තරඟයක නිරත වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති චීනය, ගෝලීය වශයෙන් විවෘතව සහ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.
ඇන්ත්‍රොපික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ අමෝඩෙයි විසින් කෘතිම බුද්ධි සංවර්ධනය මන්දගාමී කළ යුතු බවට කළ ඉල්ලීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, චීනයට AI තරඟයෙන් ඉදිරියට යාමට නොහැකි වන අයුරින් එය කළ යුතු බව ඔහු පෙන්වා දී තිබුණි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ චීනයට වඩා වේගයෙන් තාක්ෂණය දියුණු කිරීම තමාගේ ප්‍රමුඛතාවය වන බව වන අතර, මේ නිසා කෘතිම බුද්ධිය මේ වන විට ඇමරිකානු-චීන එදිරිවාදිකම්වල මධ්‍යස්ථානය බවට පත්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














