රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස ප්‍රතිලාභීන් වෙත පවරා දීම පසුගිය 12 වන දින සිදු කෙරිණි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන යටතේ දුන්නාලයි උතුර, පොලිකන්ඩි දකුණ සහ වල්වෙට්ටිතුරෙයි ගිනිකොන යන ග්‍රාම නිලධාරී වසම්වල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මෙම නව නිවාස ඉදිකර තිබේ.














