චීනය සහ තායිවානය අතර පවතින දේශපාලන උණුසුම හමුවේ, තායිවාන රජයට එරෙහිව ජනමතය මෙහෙයවීම සඳහා චීන රාජ්‍ය මාධ්‍ය එරට විපක්ෂ දේශපාලනඥයන්ගේ ප්‍රකාශ දැඩි ලෙස භාවිතා කරමින් සිටින බව නවතම වාර්තා හෙළි කරයි.
චීන රාජ්‍ය මාධ්‍ය සහ Douyin (චීන TikTok සංස්කරණය) වැනි සමාජ මාධ්‍ය ජාල, තායිවානයේ ප්‍රධාන විපක්ෂය වන Kuomintang (KMT) පක්ෂයේ නායකයන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයට (DPP) සහ ජනාධිපති ලායි චින්ග්-ටේ (Lai Ching-te) හට එරෙහිව ප්‍රචාරණ කටයුතු සිදු කරයි.
තායිවාන විපක්ෂ නායිකා චෙන්ග් ලි-වන් (Cheng Li-wun) විසින් පාලක රජය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයන් චීනය විසින් සංස්කරණය කර නැවත තායිවාන ජනතාව අතරට මුදා හැර ඇත. ජනාධිපති ලායි විසින් තායිවානය “මරණයේ මාවතකට” රැගෙන යන බවට ඇය කරන ප්‍රකාශ හරහා චීන ආක්‍රමණයකට මඟ පාදන්නේ රජය බව හඟවීමට චීනය උත්සාහ කරයි.
තායිවානයේ ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහයන් අඩපණ කිරීම සහ චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වාසිය පෙන්වා දීම මෙම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණයි. චීනයේ නිෂ්පාදනය වන මෙම වීඩියෝ පට පසුව Facebook, YouTube සහ TikTok වැනි ජාත්‍යන්තර වේදිකා හරහා තායිවාන වැසියන් අතරට යවනු ලැබේ.
මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා තායිවාන රජය මාධ්‍ය සාක්ෂරතාවය (Media Literacy) ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. චීනයට සහන ලබා දීම වෙනුවට ශක්තිමත්ව නැගී සිටීම තම ප්‍රතිපත්තිය බව පාලක පක්ෂය අවධාරණය කරයි.
චීන බලධාරීන් මෙම තොරතුරු යුද්ධය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට මෙතෙක් සෘජු ප්‍රතිචාරයක් දක්වා නොමැත. කෙසේ වෙතත්, තායිවානය තුළ බෙදීම් ඇති කරමින් එරට දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීම සඳහා චීනය නවීන තාක්ෂණය ඉතා සූක්ෂ්ම ලෙස භාවිතා කරන බව ආරක්ෂක අංශ පවසයි.














