චීනය සහ නේපාලය අතර දේශසීමා කලාපයේ පිහිටි සංවේදී ප්‍රදේශයක හදිතියෙන් ඇති වූ බිහිසුණු නායයෑමක් හේතුවෙන් චීනයේ ෂිෂාං ස්වායත්ත කලාපයේ ෂිගාට්සේ නගරයට දැවැන්ත බලපෑම් එල්ල වී ඇති අතර, සිද්ධියෙන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් රැසක් අතුරුදන් වීමත් සමඟ කලාපයේ දැඩි නොසන්සුන්කාරී හා අවදානම් තත්ත්වයක් උද්ගත වී තිබේ.
ව්‍යසනයේ බරපතළකම හමුවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, මානව ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු මෙහෙයුම් කඩිනම් කරන ලෙසට දැඩි උපදෙස් ලබා දී ඇති අතර, අගමැති ලී ච්‍යං මහතා ද තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා පූර්ණ රාජ්‍ය යාන්ත්‍රණයම ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කර ඇත.
මෙම දේශසීමා ව්‍යසනය හමුවේ කලාපීය ආරක්ෂාව සහ හදිසි ප්‍රතිචාර දැක්වීම් තවදුරටත් විධිමත් කරමින් පවතින අතර, අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් මෙන්ම ද්විතීයික ආපදා අවදානම් බැහැර කිරීමේ පුළුල් නිරීක්ෂණ වැඩපිළිවෙළක් මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
















