ප්‍රකට නළු සහ දේශපාලඥයෙකු වන විජේගේ පුත් ජේසන් සංජේ (Jason Sanjay), තමාට ඇති ශ්‍රී ලංකා පවුල් පසුබිම සහ යාපනය සමඟ පවතින සබැඳියාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.
මවගේ පාර්ශ්වයෙන් තමාට උරුම වී ඇති යාපනයේ මූලයන් සිහිපත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, සිය මව යාපනයේ උපත ලබා එහි හැදී වැඩී පසුව විදෙස්ගත වී පදිංචි වූ බවයි. තමා ශ්‍රී ලංකාවට පැමිණෙන විට තම සීයාට අයත් දේපළක් පවුලේ අතීතය සමඟ ඇති වැදගත් සබැඳියාවක් ලෙස පවතින බව ඔහු පවසා ඇත. තවද, තමා අධ්‍යක්ෂණය කරන “සිග්මා” (Sigma) නම් සිනමා ව්‍යාපෘතිය සඳහා රූගත කිරීම් සිදුකිරීමටද ශ්‍රී ලංකාව තෝරා ගැනීමට අදහස් කර, ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට පැමිණ ස්ථාන පරීක්ෂා කළද එම සැලසුම් ක්‍රියාත්මක නොවූ බව ඔහු හෙළි කළේය. කෙසේ වෙතත්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ රූගත කිරීම් සිදු කරමින් එරට සුන්දරත්වය සිනමාවෙන් ප්‍රදර්ශනය කිරීමට තමා බලාපොරොත්තු වන බවද ජේසන් සංජේ වැඩිදුරටත් සඳහන් කළේය.














