රැකියා උත්පාදනය පුළුල් කිරීම සහ තාක්ෂණික නවෝත්පාදන ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වෙනුවෙන් විශේෂ පස් අවුරුදු ජාතික සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීමට චීනය පියවර ගෙන තිබේ.
චීන මධ්‍යම රජයේ ආයතන 10ක් එක්ව නිකුත් කරන ලද මෙම සැලැස්ම මගින්, නැගී එන ක්ෂේත්රයන්හි නිරත SME ව්‍යාපාර සඳහා උපරිම සහාය ලබා දෙන ලෙස පළාත් පාලන අධිකාරීන් වෙත උපදෙස් දී ඇත. ප්‍රධාන ජාතික විද්‍යා හා තාක්ෂණික වැඩසටහන් සඳහා SME ව්‍යාපාර සම්බන්ධ කරගැනීමටත්, ආරම්භක මට්ටමේ (early-stage) සමාගම් වෙත වැඩි වශයෙන් ප්රාග්ධනය යොමු කිරීම උදෙසා රජයේ අරමුදල් භාවිත කිරීමටත් මෙමගින් යෝජනා කර තිබේ.
















