• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන තානාපති ආචාර්ය පාලිත කොහොන චීන ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

15 April 2021
in දේශීය

චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඊයේ (14) බීජිං හි මහජන මහා ශාලාවේ දී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වීය.

මෙම අක්තපත්‍ර පිළිගැන්වීමත් සමඟ ආචාර්ය කොහොන මහතා චීනයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයා ලෙස චීන රාජ්‍ය නායකයා විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ.

චීනය කොවිඩ්-19 තර්ජනය බොහෝ දුරට ජයගෙන ඇතත්, මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව නව ආකෘතියකට අනුව පවත්වන ලදී.
අක්තපත්‍ර පිළිගැන්වීමට පෙර තානාපතිවරුන් 30 දෙනෙකු සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතවරයා රාජ්‍ය අමුත්තන්ගේ නිවාසයේ සිට මහජන මහා ශාලාව වෙත චාරිත්‍රානුකූලව කැඳවාගෙන යන ලද අතර, අක්තපත්‍ර පිළිගැන්වීමට පළමුව ඔවුන්ට ගෞරව පිණිස ආචාර පෙළපාලියක් පවත්වන ලදී.

අක්තපත්‍ර පිළිගැනීමෙන් පසුව ජනාධිපති ෂී ජින්පිං නව තානාපතිවරුන් අමතමින් පැවසුවේ, වසංගතයේ මුල් අවධියේ දී මිත්‍රශීලී රටවල් විසින් ලබා දුන් සියලු සහාය සඳහා චීනය කෘතඥ වන බවයි.

චීනය විසින් සිය කාර්යභාරය ලෙස රටවල් 80 කට අධික සංඛ්‍යාවකට සහ ජාත්‍යන්තර සංවිධානවලට එන්නත් සහ වෙනත් ආධාර ලබා දී ඇත. චීනය එක්සත් ජාතීන්ගේ කේන්ද්‍ර කොටගත් බහුපාර්ශ්වීය පද්ධතිය සහ ලෝක වෙළඳ සංවිධානය පදනම් කරගත් ගෝලීය වෙළඳ පද්ධතිය තහවුරු කරනු ඇත.

14 වැනි පස් අවුරුදු සැලැස්ම මඟින්, චීනය නූතන සමාජවාදී රටක් බවට පත් කරනු ඇත. මිත්‍රත්වය හා සමානාත්මතාවය පදනම් කරගෙන චීනය සිය සබඳතා පවත්වනු ඇත. දේශනය අවසානයේ දී තානාපතිවරු ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

Post Views: 12
Previous Post

පැළ සිටුවීමේ නැකතට අගමැතිගෙන් පරිසර ඇමතිට සුදු සඳුන් පැළයක්

Next Post

එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් ජයග්‍රාහී වසරක් වනු නිසැකයි – අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් ජයග්‍රාහී වසරක් වනු නිසැකයි - අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved