චීන නිෂ්පාදන යනු අඩු පිරිවැයකින් යුතු බාල භාණ්ඩ පමණක්ය යන පැරණි මතය බිඳ හෙළමින්, ලොව ප්‍රමුඛතම පාරිභෝගික සන්නාමයන් ලෙස ජාත්‍යන්තරය ආක්‍රමණය කිරීමට චීන සමාගම් සමත්ව සිටී. සිංගප්පූරුවේ සිට ලන්ඩන්, සිඩ්නි සහ ලොස් ඇන්ජලීස් දක්වා වූ ලොව ප්‍රධාන පෙළේ වෙළඳ සංකීර්ණ තුළ වර්තමානයේ චීන ආහාර සහ විලාසිතා සන්නාමයන්ට හිමිව ඇත්තේ සුවිශේෂී ස්ථානයකි.
විශේෂයෙන්ම “Chagee”, “Molly Tea” සහ “Mixue” වැනි චීන තේ පාන සන්නාමයන් (Tea chains) මේ වන විට මැක්ඩොනල්ඩ්ස් සහ ස්ටාර්බක්ස් වැනි ගෝලීය දැවැන්තයන්ට පවා අභියෝගයක් එල්ල කරමින් සිටී. “Mixue” සන්නාමය සතු ශාඛා සංඛ්‍යාව දැනටමත් ලොව බොහෝ ප්‍රසිද්ධ ආහාර සන්නාමයන් අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි. මෙම සමාගම් හුදෙක් නිෂ්පාදන අනුකරණය කරන යුගයෙන් මිදී, තමන්ටම අනන්‍ය වූ ගුණාත්මක සන්නාම නාමයන් ලොව පුරා ප්‍රචලිත කිරීමට සමත්ව ඇත.
චීනය ලොව දෙවන විශාලතම පාරිභෝගික වෙළඳපොළ වන බැවින්, මෙම සමාගම් සතු මෙහෙයුම් ශක්තිය සහ අත්දැකීම් ඉතා ඉහළ මට්ටමක පවතී. කෙසේ වෙතත් චීනය තුළ පවතින දැඩි තරඟකාරීත්වය හමුවේ විදේශීය වෙළඳපොළවල් සොයා යාම ඔවුන්ට අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ. විලාසිතා ලේබල්, සෙල්ලම් බඩු සහ ක්‍රීඩා ඇඳුම් (Sportswear) ක්ෂේත්‍රය තුළ ද නව පරම්පරාවේ පාරිභෝගික රුචිකත්වයට ගැලපෙන අයුරින් සිය නිෂ්පාදන ඉදිරිපත් කිරීමට චීන සමාගම් සමත්වීම මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














