ආහාර බෙදාහැරීමේ නිරත වන අතරතුර කුඩා කොළ කැබලිවල ලියන ලද කවි එකතුවක් වෙනුවෙන්, 56 හැවිරිදි චීන ජාතික වං ජිබිං චීනයේ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන ‘ලූ ෂුන් සාහිත්‍ය සම්මානය’ දිනාගැනීමට සමත්ව තිබේ.
ආහාර බෙදාහරින්නන් මුහුණ දෙන එදිනෙදා අභියෝග සහ අත්දැකීම් පදනම් කරගනිමින් ඔහු විසින් රචනා කරන ලද ‘Low Flight’ නමැති කවි එකතුව සඳහා මෙම සම්මානය හිමිව ඇති අතර, 2019 වසරේදී ආහාර බෙදාහැරීමේ රියදුරෙකු ලෙස සේවයට එක්වූ ඔහු වසර ගණනාවක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සිය නිර්මාණ ප්‍රසිද්ධ කරමින් ජනප්‍රියතාවට පත්ව ඇත.
පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා කුඩා අවධියේදීම අධ්‍යාපනය අතහැර දමා විවිධ අනුරූප රැකියා රැසක නිරත වීමෙන් අනතුරුව ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයට යොමු වූ වං, මෙම කීර්තිමත් සාහිත්‍ය සම්මානය හිමිවුවද වයස අවුරුදු 60 වන තෙක්ම ආහාර බෙදාහැරීමේ රැකියාවේ නිරත වීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.














