ශ්රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ 10 වැනි නාවික විවෘත වෙඩි තැබීමේ ශූරතාවලිය 2026 ජූලි 1 සිට 12 දක්වා වැලිසර කුඩා අවි වෙඩි තැබීමේ ක්රීඩාංගණයේදී පැවැත්වීමෙන් අනතුරුව සාර්ථකව අවසන් වී තිබේ.
මෙහි සම්මාන ප්රදානෝත්සවය ජූලි 18 දින ශ්රී නාවික නෞකා ගැමුණු හි පිහිටි අණදෙන නිලධාරී පරාක්රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වුණු අතර, ශ්රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.
ත්රිවිධ හමුදාව, පොලිසිය සහ දිවයින පුරා වෙඩි තැබීමේ සංගම් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 900කට අධික පිරිසක් සහභාගී වූ මෙම ශූරතාවලියේදී, ඉන් 800කට වැඩි පිරිසක් පාසල් ක්රීඩක ක්රීඩිකාවන් වීම විශේෂත්වයකි.














