27 April 2024
#දේශීය

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ සහාය දැක්වීමට චීන ආයතන කැමැත්ත පළ කරයි

යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන හා තාක්ෂණ අංශ හරහා සහාය දැක්වීමට චීන ආයතන කැමැත්ත පළ කර ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රි ලංකාව කළ යෝජනාව සම්බන්ධව අධ්‍යයන හා තාක්ෂණ අංශයන්ගෙන් සහයෝගය ලබාදීමට දේශගුණික කාර්යයන්ට සම්බන්ධ චීන ආයතන ගණනාවක නියෝජිතයෝ එකඟ වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බීජිං නුවර පාරිසරික විශ්වවිද්‍යාල සහ දේශගුණය සම්බන්ධ නියෝජිත ආයතන කිහිපයක ප්‍රධානීන් අතර ඊයේ (19) පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරිණි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රයත්නය ඉතා කාලෝචිත හා දූරදර්ශී එකක් බව නියෝජිත පිරිස පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් දැනටමත් පාර්ශ්වකරුවන් රැසක් සමග සාකච්ඡා කර ඇති බවත්, එය ශ්‍රි ලංකාවේ තනි වෑයමක් නොව සාමුහික ක්‍රියාදාමයක් බවට පත් කර ගැනීම තම අභිප්‍රාය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශ්වවිද්‍යාලයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වයන් සමඟ මාර්ගගත සාකච්ඡා වාර කිහිපයක් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *