27 April 2024
#දේශීය

ඩ්‍රෝන කැමරාවක් භාවිත කල චීන ජාතියෙකු අත්අඩංගුවට

කොල්ලුපිටිය, අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන් කැමරාවත් මගින් අනවසරෙන් විඩියෝ දර්ශන ලබා ගත් චීන ජාතිකයෙකු පසුගිය 22 වනදා කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වු චීන ජාතිකයෙකු වන අතර ඊයේ (23) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල බව පොලිසිය පවසයි.

ඒ අනුව ලබන 28 වනදා දින නඩුව නැවත කැඳවීමට නියම කර රුපියල් 50000.00 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *