කොළඹ, කොම්පඤ්ඤවීදිය රෝහල් පටුමඟේ ෆෙයාර් වේ හෝටලය අසලදී කිසිදු නිසි අවසරයකින් තොරව ඩ්රෝන යානයක් ගුවන්ගත කළ චීන ජාතිකයෙකුට රුපියල් 10,000ක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
මෙලෙස දඩ නියම වී ඇත්තේ සූ චුන්ග් ලා නමැති චීන ජාතිකයෙකුටය. 2010 අංක 24 දරන සිවිල් ගුවන් සේවා පනතේ 80 වගන්තිය උල්ලංඝනය කරමින් මෙම ඩ්රෝන යානය ක්රියාත්මක කර ඇති අතර, කොටුව පොලීසිය විසින් සැකකරු සමඟ ඩ්රෝන යානය, දුරස්ථ පාලකය, කැමරාව සහ මතක ගබඩාව ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව අදාළ චීන ජාතිකයා අධිකරණයෙන් මුදාහැර ඇත.
















