සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා එළඹෙන මැයි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
පානදුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සයිබර් මධ්‍යස්ථානයක් වටලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගියදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් සන්තකයේ තිබී නවීන පන්නයේ පරිගණක යන්ත්‍ර, ජංගම දුරකථන සහ සිම් කාඩ්පත් විශාල ප්‍රමාණයක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
ජාත්‍යන්තර මට්ටමින් සිදුකෙරෙන මාර්ගගත (Online) මූල්‍ය වංචා මෙහෙයවීම සහ පුද්ගල දත්ත සොරා ගැනීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














