ඇමරිකානු එක්සත් ජනපදයෙන් නවීනතම ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා වන දැවැන්ත ආරක්ෂක ගනුදෙනුවකට ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. කලාපීය ආරක්ෂක අභියෝග හමුවේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ශක්තිය තවදුරටත් ඉහළ නැංවීම මෙම සැලසුමේ ප්‍රධාන අරමුණයි.
මෙම අනුමැතිය යටතේ ඇමරිකාවේ නිපදවන F-35 සහ F-15AI වර්ගයේ නවීනතම ප්‍රහාරක ගුවන් යානා බලඝණ දෙකක් මිලදී ගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද අමාත්‍ය කමිටුව එකඟ වී ඇත.
පවතින යුදමය වාතාවරණය හමුවේ සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය නවීකරණය කිරීම ඊශ්‍රායලයේ මූලෝපායික අවශ්‍යතාවක් වී තිබේ. මෙම නව ප්‍රහාරක යානා එක්වීමත් සමඟ මැදපෙරදිග කලාපය තුළ ඊශ්‍රායලය සතු ගුවන් බලය තවදුරටත් තහවුරු වනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඊශ්‍රායලය සතු පැරණි යානා වෙනුවට මෙම නවීන යානා ආදේශ කිරීම හරහා ඕනෑම දුරස්ථ ඉලක්කයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඔවුන්ට හිමි වේ.














