• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීන සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ MFEඋපාධිය හැදෑරීමට අවස්ථාව හිමි වේ

8 August 2022
in දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව – 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 29 වැනි දින පැවැත්විණි.

මෙහි පළමු කණ්ඩායම චීන සිසුන් 30 දෙනෙකුගෙන් සමන්විතවේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා චීන සිසුන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තානාපති කාර්යාලය දැරූ පුළුල් ප්‍රයත්නවල ඵලයක් ලෙස මෙම වැඩසටහන පැවැත්විය. උපාධිය සඳහා වන සම්පූර්ණ පාඨමාලා ගාස්තු මෙම සිසුන් විසින් ගෙවනු ලැබේ.

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, කොළඹ විශ්වවිද්‍යාලයේ චීන-ආසියානු ආර්ථික සංවර්ධන සංගමය, බියුටිෆුල් චයිනා ඉන්වෙස්ට්මන්ට් සමාගම (Beautiful China Investment Co) සහ ටුමෝරෝ ටෙක්නොලොජි අධ්‍යාපන සේවා මධ්‍යස්ථානය (Tomorrow Technology Education Services Center) යන ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියකු වන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධයෙන් සිසුන්ට සුභාශිංසන පළ කළ අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා බවද සඳහන් කළේය. උසස් අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුන්, කර්මාන්ත, සේවකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ‘සතුටට පත් කිරීම’ ශ්‍රී ලංකාවේ මෙහෙවර වන බව සඳහන් කළ ඒ මහතා, පාඨමාලා ගාස්තු ගෙවන විදේශීය සිසුන්ට ශ්‍රී ලංකාව උපාධි පාඨමාලා පිරිනමන බව ප්‍රකාශ කළේ ය.

විද්‍යාව, නීතිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීව විද්‍යාව ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශිෂ්ටයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ලොවට දායාද කොට ඇති බවත්, ඔවුහු මේ වන විට නාසා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බෝයිං සහ ගූගල් වැනි ආයතනවල සේවය කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන ලෙස චීන සිසුන් බොහෝ පිරිසක් තානාපතිවරයා විසින් දිරිමත් කරන ලදී. එමෙන්ම, සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර භුක්ති විඳින ලෙස මෙම සිසුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කළේ ය.

 

 

Post Views: 6
Previous Post

මැතිවරණයක් අවශ්‍යයි – විපක්ෂනායක සජිත්

Next Post

චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි – ජවිපේ

editor

editor

Next Post

චීනයේ නැව චුන්පාන් වෑන් එකක් නෙමෙයි - ජවිපේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved