පසුගිය අගෝස්තු 31 වනදා හදිසියේ අභාවප්‍රාප්ත වූ ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර මහත්මිය සහ ඇගේ ආකේන් පුතු වෙත විනෝමා කොලොම් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල චෝදනා එල්ල කර ඇත.
අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පිරිසක් පෙන්වා දෙන්නේ දරුවාගේ අතේ සිදුවූ ආබාධය පාසලේදී සිදුවූ වැටීමකින් වූවක් බවත්, චූලා පද්මේන්ද්‍ර මහත්මියගේ අභාවයෙන් පසු ඇයට එරෙහිව මෙවැනි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් විනෝමා කොලොම්ට එරෙහිව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සහ ෆේස්බුක් ආයතනය වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා බවත්ය. 12 හැවිරිදි මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවාගේ අනාගත සුරක්ෂිතභාවය සහ භාරකාරත්වය සම්බන්ධයෙන් පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සහ නීතිමය පරීක්ෂණයක් සිදුකළ යුතු බවට සමාජ මාධ්‍ය තුළ දැඩි කථිකාවතක් නිර්මාණය වී තිබේ.
















