2026 ඔක්තෝබර් 22 වන දින උදෑසන මහව පොලිස් වසමේ මඩගල්ල–දළදාගම මාර්ගයේ මහව නගරයේ සතිපොළ හන්දියේදී බස් රථයක ගැටීමෙන් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහව දෙසට ධාවනය වූ බස් රථයේ මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා මහව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 78ක් වන ගල්ගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














