වෙළෙඳ සේවා හොකී සංගමයේ මෙහෙයවීමෙන් අගනුවරදී පවත්වන ලද වෙළෙඳ සේවා හොකී තරගාවලියේදී සියාප් පෞද්ගලික සමාගම (CIAP PVT LTD) විශිෂ්ට දස්කම් දක්වමින් ත්‍රිත්ව ශූරතා කුසලාන දිනා ගැනීමට සමත් වී තිබේ. අදාළ තරගාවලියේ “බී” කොටසට ප්‍රථම වතාවට එක්වෙමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීම විශේෂත්වයකි.
හිටපු ජාතික ක්‍රීඩක සඳුන් චන්න ගජනායකගේ නායකත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සමන්විතව තරග වැදුණු සියාප් සමාගම් කණ්ඩායම මෙහිදී “බී” කොටසේ ලීග් ශූරතාව, පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව මෙන්ම සාමාජිකයන් නව දෙනෙකුගෙන් යුත් තරගාවලියේ ශූරතාව යන කුසලාන සියල්ල හිමිකර ගනිමින් කැපී පෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කළේය.














