27 April 2024
#දේශීය

රිෂාඩ්, අසාත්, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජානිපෙන් CIDයට පැමිණිල්ලක්

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ පුද්ගලයින් වහාම ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් අද (06) දින පරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙසයි.

විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *