රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවූ රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මෝසම ගොනුකර ඇති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන එතැන් සිට CID රැඳවුම් භාරයේ පසුවූ සුරේෂ් සලේ මහතා, ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු අතර, රෝහල් ආරංචි මාර්ගවලට අනුව ඔහු මේ වන විට ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
















