27 April 2024
#දේශීය

රඹුක්කන වෙඩි තැබිම් සම්බන්ධ පරික්ෂණ CID භාර‌ දෙයි

රඹුක්කන ප්‍රදේශයේ ඇති වු සිදුවීම පිලිබඳ විමර්ශණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

පසුගිය 19 වනදා රඹුක්කන ප්‍ර දේශයේ අයුතු ජනරාශියක් විසුරුවා හැරීම ස ඳහා පොලිස් නිලධාරින් කටයුතු කිරීමේදී එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් පිරිසක් තුවාල සිදු කිරීම් සිදු කර ඇත.

එම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට සහ සාක්ෂිකරුවන්ට ස්වාධිනව විමර්ශනවලට සහ අධිකරණ කටයුතු වලට සහභාගීවීම සඳහා කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල වැඩිදුරටත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *