• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු ප්‍රවාහනය තුළ සිගා කෑම තහනම්

16 July 2020
in දේශීය

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා පියවරක් වශයෙන් පුද්ගලික, ලංගම බස් රථවල හා දුම්රිය තුළ සිගාමන් යැදීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල සභාපතිවරුන්ට හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ හා දුම්රියේ කොවිඩ් 19 වැළැක්වීම සඳහා ඉදිරියටත් ගත යුතු පියවර සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ අමාත්‍යවරයා එම නිලධාරින් සමග සාකච්ඡා කළේය.

ඇතැම් යාචකයින් ප්‍රවේශ පත්‍රයක් රැගෙන දුම්රිය හා බස්රියට ඇතුළු වී මඳ දුරක් ගිය පසු ඔවුන් බස් රථ වල හා දුම්රියේ ඇවිදිමින් සිගා කෑම අරඹන බව එම නිලධාරින් දැනුම් දුන්නේය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්තියට ඔවුන්ගේ ක්‍රියාකාරකම් බලපෑ හැකි බැවින් ඒ් සම්බන්ධව අවධානය යොමු කරමින් බස් රථවල හා දුම්රිය තුළ සිගාකෑම තහනම් කරන්නැයි අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එම යාචක ජනතාවට දඩුවම් නොකර ඔවුන්ට ද කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මුහුණ පැ හැකි අනතුර සම්බන්ධව පැහැදිළි කර දෙන ලෙස කී අමාත්‍යවරයා කොවිඩ් 19 හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකය වැටී ඇති අවස්ථාවක ඔවුන්ට දඩුවම් කිරීම සාධාරණ නැති බවත්, එහෙත් මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත හැකි පියවර ගැනීම හැමගේම වගකීමක් බව පහදා දෙන ලෙසත් දැනුම් දුන්නේය.

 

 

Post Views: 16
Previous Post

දියනාමින් සිටි දැරියක් කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් මියයයි

Next Post

ජනතාවට සහන දෙන්න කිසිවිටකත් පැකිලෙන්නේ නෑ – අගමැති කියයි

editor

editor

Next Post

ජනතාවට සහන දෙන්න කිසිවිටකත් පැකිලෙන්නේ නෑ - අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved