දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක නිකේතනය වන ‘City of Dreams Sri Lanka’ (Cinnamon Life) සිය පළමු සංවත්සරය අගෝස්තු 2 වන දින සමරයි.
කොළඹ ආගන්තුක සත්කාර, සංචාරක සහ ජීවන රටා ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරමින් පසුගිය වසර පුරා ජාත්‍යන්තර මට්ටමේ MICE ඉසව්, සම්මන්ත්‍රණ, ගෝලීය විනෝදාස්වාද ප්‍රසංග සහ සුවිශේෂී මංගල උත්සව සඳහා මෙය ප්‍රධාන තෝතැන්නක් වී තිබේ. සහභාගී වන විශේෂිත අවන්හල්වල ආහාර සහ බීම වර්ග සඳහා අගෝස්තු 1 සිට 9 දක්වා 30% ක වට්ටියක් සහ අගෝස්තු 10 සිට 16 දක්වා විශේෂ සංවත්සර මෙනු හඳුන්වා දී ඇත. මීට අමතරව, අගෝස්තු 7 සහ 8 යන දිනවල ඉන්දියාවේ ‘Indian Accent Mumbai’ සහ ‘Ekaa’ සමඟ එක්ව විශේෂ අමුත්තන්ගේ සූපවේදී (Guest Chef) අත්දැකීමක්ද ‘Indiya’ ආයතනය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.














