මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රැඳවියන් අතරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ තවත් රැඳවියන් 6 දෙනෙකු තවදුරටත් රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව පියවර ගනිමින් පවතී.
















