ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනයේ 31 වැනි සංවත්සරයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සමඟ එක්ව තරුණ පරම්පරාවේ දායකත්වයෙන් දිවයින පුරා තෝරාගත් රෝහල් 31 ක දැවැන්ත තාක්ෂණික නවීකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහනක් පසුගියදා (17) ක්‍රියාත්මක කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව කළුතර හොරණ රෝහල පිළිසකර කිරීමේ කටයුතුද සාර්ථකව සිදු කර තිබේ.














