සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ මැයෙන් වන ජාතික මෙහෙයුම ජූලි මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම සතියේ සිට ඉදිරියටත් මෙම ජාතික මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.සමස්ත රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂයයි. පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට ප්‍රමුඛත්වය ලබාදෙන, ආචාරධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමඟ ක්‍රියාත්මක වන ස්වයං පාලනයකින් යුත් සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.මෙම වැඩසටහන සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක්, සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක්, මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක්, සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයක් සහ සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියක් යන තේමා ඔස්සේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.














