දේශීය ජල තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් ජූලි 01 වැනිදා සිට 15 වැනිදා දක්වා සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම් ත්‍රිකුණාමලය මාවඩි ඕඩි, කදිරවේලි, නයාරු, බ්ලැක් පොයින්ට්, යාපනය වෙත්තලකේණි සහ කඩ්ඩයිකාඩු යන මුහුදු සහ වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකර ඇත.
වැටලීම්වලදී සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රා 12ක්, ට්‍රැක්ටර් රථ 4ක් සහ වෑන් රථයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, යාපනය, කොඩ්බේ සහ වාලච්චේනයි යන ප්‍රදේශවල පිහිටි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත මෙන්ම මරදන්කේනි පොලිසිය වෙත ද භාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.














