සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (21) පවත්වා තිබේ. එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම ඉදිරියේදී පැමිණීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාව සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර්, චිත්‍රාල් ප්‍රනාන්දු සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
















