• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ

පැතිරෙන කටකතාවලට ඇමැති අනුර කරුණාතිලකගෙන් පිළිතුරු

20 May 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු නෞකා සඳහා  ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් (Demurrage charges) ගෙවීමට රජයට සිදු වී නැතැයි බලශක්ති සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඇතැම් පාර්ශ්ව ගල් අඟුරු ගොඩබෑම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ හේතුවෙන් ලංකා ගල් අඟුරු සමාගමට හෝ විදුලි පාරිභෝගිකයන්ට කිසිදු අතිරේක පිරිවැයක් පැටවෙන්නේ නැති බව ද අවධාරණය කළේය. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
ටෙන්ඩර් පටිපාටියට අනුව අදාළ සමාගම් වෙත නෞකා පැමිණිය යුතු කාලසීමා පෙරදැනුම් දී තිබුණ ද, විවිධ හේතු මත නෞකා කිහිපයක් නියමිත දිනවලදී මෙරටට නොපැමිණි බව අමාත්‍යවරයා මෙහිදී දත්ත සහිතව අනාවරණය කළේය. ඒ අනුව 15 වැනි නෞකාව මාර්තු 03 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 08 දාය. 16 වැනි නෞකාව මාර්තු 08 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 12 දාය. 17 වැනි නෞකාව මාර්තු 13 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 29 දාය. 18 වැනි නෞකාව මාර්තු 18 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 18 දාය. එමෙන්ම 19 වැනි නෞකාව මාර්තු 29 පැමිණීමට තිබුණ ද පැමිණියේ මැයි 02 දා වන අතර, හදිසි මිලදී ගැනීම් යටතේ 1 වැනි නෞකාව අප්‍රේල් 20 පැමිණීමට තිබුණ ද එය මෙරටට ළඟා වී ඇත්තේ අප්‍රේල් 26 දාය.
නියමිත දිනයේ නෞකාවක් වරායට පැමිණි පසු, එහි ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වුවහොත් පමණක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නමුත් මෙහිදී ප්‍රමාද වී ඇත්තේ නෞකා මෙරටට පැමිණීම වන අතර, දැනට පැමිණ ඇති සියලු නෞකාවල ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතී.
එසේම, වාරකන් සමයේ මුහුද රළු වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් මාසය දක්වා යම් ප්‍රමාදයකින් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව අදාළ සැපයුම්කාර සමාගම් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එම තත්ත්වයට අදාළ නෛතික වගකීම් භාර ගැනීමට ද අදාළ සමාගම් සිය එකඟතාව පළ කර ඇත.
Post Views: 2
Previous Post

යල කන්නයේ පොහොර හිඟය මඟහරින්න යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Next Post

අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ අයෙකුගේ සිරුර නිවෙසක් පිටුපස කාණුවක වළලා තිබියදී සොයාගැනේ

Editor TTV News

Editor TTV News

Next Post
අභිරහස් ලෙස මියගිය  වයෝවෘද්ධ අයෙකුගේ සිරුර  නිවෙසක් පිටුපස  කාණුවක වළලා තිබියදී සොයාගැනේ

අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ අයෙකුගේ සිරුර නිවෙසක් පිටුපස කාණුවක වළලා තිබියදී සොයාගැනේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා  අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

20 May 2026
ලංකාවට එන  විදෙස් ශ්‍රමිකයන් නියාමනයට අලුත් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක් කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ලංකාවට එන විදෙස් ශ්‍රමිකයන් නියාමනයට අලුත් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක් කැබිනට් අනුමැතිය හිමිවෙයි!

20 May 2026
රණවිරු සහන සැලසීමට  එක් පොදු චක්‍රලේඛයක් වරින් වර ආ කඩදාසි සියල්ල අවලංගුයි

රණවිරු සහන සැලසීමට එක් පොදු චක්‍රලේඛයක් වරින් වර ආ කඩදාසි සියල්ල අවලංගුයි

20 May 2026
අභිරහස් ලෙස මියගිය  වයෝවෘද්ධ අයෙකුගේ සිරුර  නිවෙසක් පිටුපස  කාණුවක වළලා තිබියදී සොයාගැනේ

අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ අයෙකුගේ සිරුර නිවෙසක් පිටුපස කාණුවක වළලා තිබියදී සොයාගැනේ

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍යයේ ඩොලර් බිලියන 6ක  විදේශ ආධාර කප්පාදුවෙන්  පාකිස්ථානයට සහ මොසැම්බික් රාජ්‍යයට දැඩි ප්‍රහාරයක්

බ්‍රිතාන්‍යයේ ඩොලර් බිලියන 6ක විදේශ ආධාර කප්පාදුවෙන් පාකිස්ථානයට සහ මොසැම්බික් රාජ්‍යයට දැඩි ප්‍රහාරයක්

20 May 2026
පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා  අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved