කොලොම්බියාවට එල්ල වූ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ජාතික ඒකකය (UNGRD) තහවුරු කරයි. තවත් පුද්ගලයින් 257 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 4,500 ඉක්මවයි.
NAMPA
ප්‍රාන්ත (Departments) 15 ක පිහිටි පවුල් 146,000 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 284,000 කට අධික පිරිසක් මෙම ආපදාවෙන් විපතට පත්ව ඇත. නිවාස 31,400 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නිවාස 164,000 කට ආසන්න ප්‍රමාණයකට සහ ගොඩනැගිලි සිය ගණනකට අර්ධ හානි සිදු වී තිබේ. මීට අමතරව රෝහල් 350 කට වැඩි ප්‍රමාණයක්, පාසල් 3,500 කට අධික සංඛ්‍යාවක්, ප්‍රජා මධ්‍යස්ථාන 4,600 ක්, මාර්ග සහ පාලම් රැසක් දැඩි ලෙස හානියට පත්වීම නිසා එරට යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇත. පවතින හානිය හමුවේ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා වසර ගණනාවක් ගතවනු ඇති බවට බලධාරීහු විශ්ලේෂණය කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal(x) ඇසුරින්














