නිරිතදිග කොලොම්බියාවේ කාර්යබහුල ‘පෑන්-ඇමරිකන්’ (Pan-American) මහාමාර්ගය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රබල බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. කාජිබියෝ ප්‍රදේශයේදී සිදුවූ මෙම පිපිරීමෙන් කුඩා ළමුන් පස් දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 38 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයේ ප්‍රබලත්වය හේතුවෙන් මහාමාර්ගයේ විශාල ආගාධයක් නිර්මාණය වී ඇති අතර, ඒ අසල තිබූ මෝටර් රථ, ට්‍රක් රථ සහ බස් රථ රැසකට දැඩි හානි සිදුව තිබේ. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම මාර්ගය මගීන්ගෙන් සහ වාහනවලින් පිරී පැවතීම මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත.
කොකා (Cauca) ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඔක්ටේවියෝ ගුස්මාන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම සිදුවීම සති අන්තයේ රට පුරා දියත් වූ දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවක කොටසක් වන බවයි. මෙම ප්‍රහාර මාලාව හමුවේ කොලොම්බියාව පුරා දැඩි ආරක්ෂක සංවිධාන තර කර ඇති අතර විමර්ශන කටයුතු කඩිනම් කර තිබේ.














