කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන අර්ධ ශීඝ්‍රගාමී දුම්රිය සේවාවක් පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ අවලංගු කිරීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
අද (අගෝස්තු 06) පස්වරු 4.00ට කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අර්ධ ශීඝ්‍රගාමී දුම්රිය මෙලෙස අවලංගු කර ඇති අතර, මෙම සතිය තුළ මෙම දුම්රිය ගමන අවලංගු වූ දෙවන අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.














