කල් ඉකුත් වූ තේ කොළ පැකට්ටුවක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමාගමකට කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ගොනු කරන ලද මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගෙන ඇත. 2026 ජූලි 15 වන දින කල් ඉකුත් වූ ග්‍රෑම් 400ක තේ කොළ පැකට්ටුවක් රුපියල් 1,000කට අලෙවි කර තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබේ. කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ වෙළෙඳපොළේ ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීම තහනම් කරමින් 2014 අගෝස්තු 15 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත අංක 52 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නීතිමය පියවර ගෙන ඇත.














