කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වූයේ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබූ ඩෙංගු අධි වසංගත තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවයි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
සෞඛ්‍ය අංශවල දත්තවලට අනුව මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672ක් වන අතර, ඉන් රෝගීන් 13,791ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හඳුනාගත් ප්‍රාදේශීය බල ප්‍රදේශ තුළ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කමිටුවේදී තීරණය විය.
මෙම කමිටුව විසින් මට්ටක්කුලිය, බොරැල්ල, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, බම්බලපිටිය, වැල්ලවත්ත, කුරුඳුවත්ත, එගොඩඋයන, ගොතටුව, පිළියන්දල, කඩුවෙල, කැස්බෑව, හංවැල්ල, රත්මලාන, මොරටුව, කොලොන්නාව, හෝමාගම, බත්තරමුල්ල, මහරගම, දෙහිවල, කැස්බෑව සහ බොරලැස්ගමුව යන ප්‍රදේශ ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. ඉදිරියේදී මාර්ග සහ කානු පද්ධති ඇතුළු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද අවධානය යොමු කෙරිණි.
මෙම රැස්වීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන කෞශල්‍යා ආරියරත්න, අරුණ ජයසේකර, සුනිල් වටගල යන මහත්ම මහත්මීන් සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














