දරුවන්ගේ හා තරුණ පරපුරේ සුරක්ෂිත අනාගතය අරමුණු කරගනිමින් සකස් කරන ලද “ජාතික ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ” නිල වශයෙන් එළිදැක්වීම සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම මාර්ගෝපදේශ මගින් මෙරට දරුවන්ට ලිංගිකත්වය පිළිබඳව නිවැරදි, විද්‍යාත්මක සහ වයසට ගැළපෙන අධ්‍යාපනික දැනුම ලබාදීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් ස්ථාපිත කෙරේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ ජාතික සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යාපන වාර්තාව සහ 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා සකස් කළ ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්විණි. මීට අමතරව, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.
අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ මෙම වැඩසටහන් මගින් දරුවන් අකල් ගැබ් ගැනීම්, ළමා අපයෝජන සහ ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා කරගැනීම රජයේ අපේක්ෂාව බවයි. මෙම ජාතික වැඩසටහනට බාධා පමුණුවන පාර්ශ්වයන් ඉහත සමාජ ගැටලුවල වගකීම භාරගත යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














