කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය සැසිවාර හතරක අඛණ්ඩ පහත වැටීම අවසන් කරමින් අද (18) දිනයේ සුළු වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව, ASPI දර්ශකය පොයින්ට්ස් 32.83 කින් හෙවත් සියයට 0.16 කින් ඉහළ යමින් 21,056.26 ක් ලෙස අවසන් වූ අතර, S&P SL20 දර්ශකය ද පොයින්ට්ස් 3.93 කින් ඉහළ යමින් 5,928.89 ක් ලෙස සටහන් විය.
දිනය තුළ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.34 ක් ලෙස වාර්තා වූ අතර, කොටස් මිලියන 39.37 ක් හුවමාරු වී ඇත. මෙහිදී ප්රාග්ධන භාණ්ඩ අංශය වැඩිම ක්රියාකාරීත්වයක් පෙන්වූ අතර, තනි සමාගම් අතරින් වැඩිම පිරිවැටුමක් වාර්තා කළේ හේලිස් (Hayleys) සමාගමයි. වෙළඳපොළ තුළ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර සමබරතාවයක් දක්නට ලැබුණු අතර, විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 5.91 ක ඉතා සුළු ශුද්ධ මුදල් පිටතට ගලායාමක් වාර්තා කර තිබේ.














