වසර 2009 දී රුපියල් 15,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. වැල්ලවාය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුකුළු ගොවිපළක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ නිලධාරියාට එරෙහිව නඩු පවරා තිබුණි.
පසුගිය බ්‍රහස්පතින්දා (23) නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ චෝදනා තුනටම ඔහු වරදකරු බව තීන්දු කළේය. ඒ අනුව එක් චෝදනාවකට වසර 6 බැගින් වූ සිරදඬුවම් වෙන් වෙන්ව ගෙවී යන පරිදි නියම කෙරුණු අතර, එක් චෝදනාවකට රුපියල් 5,000 බැගින් දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කෙරිණි. මීට අමතරව අල්ලස් ලෙස ලබාගත් මුදලට සමාන මුදලක් දඩයක් ලෙස ගෙවන ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියම කළේය.














