1997 වසරේ සැප්තැම්බර් මස 21 වන දින හෝ ඊට ආසන්න දිනයක කොළඹ, තාරාවත්ත ප්‍රදේශයේදී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අය ඝාතනය කිරීම සහ තවත් කිහිපදෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති අතර, පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව විනිසුරුවරයා සඳහන් කළේය.
මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7 දෙනෙකු අද (08) අධිකරණයේ පෙනී සිටි අතර, සෙසු විත්තිකරුවා නොමැතිව නඩු විභාගය පවත්වා මෙම තීන්දුව ලබා දීමට අධිකරණය කටයුතු කළේය.
















