හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටල් පරිශ්‍රයක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, කොටු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම හදිසි වැටලීම ක්‍රියාත්මක කර ඇත.
මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කරන අවස්ථාවේදී ඒ පිළිබඳ විමසිලිමත් වීම සඳහා නීතිඥවරුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකගේ අධීක්ෂණයද ලබා දී තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අදාළ හෝටල් පරිශ්‍රය සහ ඒ අවට දැඩි සෝදිසියට ලක් කළද, එහි තිබී කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් හෝ උපකරණයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී නොමැති බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
















