කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සඳහා රථවාහන පාලනයට හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1000ක් පමණ යෙදවීමට කටයුතු කර තිබේ. දෙරණ – සිග්නල් අනුග්‍රහයෙන් මෙම සැණකෙළිය ලබන 08 සහ 09 යන දෙදින තුළ කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.
උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් වාහන පෙළපාලියක්ද සංවිධාන කර ඇති අතර, එය ගාලු මුවදොර වටරවුමෙන් ආරම්භවී කොල්ලුපිටිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, ආර්.ඒ. ද මෙල් මාවත, බම්බලපිටිය, බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල, නිදහස් මාවත, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල, ලෝටස් පාර ඔස්සේ වරාය නගරයෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව, සෙනසුරාදා (08) දින මෙම සැණකෙළිය පැවැත්වෙන කාල සීමාවේදී අදාළ ප්‍රදේශ ආශ්‍රිතව යම් මාර්ග අවහිරතාවයක් ඇති විය හැකි බැවින්, මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දන්වා සිටියි. 2026.08.09 වන ඉරුදින පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා එම්.ඕ.ඩී. භූමිය, ෂැන්ග්-ලා අසල කොන්ක්‍රීට් භූමිය, චෛත්‍ය පාර ඇතුළු විශේෂ රථගාල කිහිපයක් ද නම් කර ඇත.














