මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින 3ක නිවාඩුවක් ලබා දී තිබූ හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල් අද (06) දින යළි විවෘත කර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරිණි. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් මෙම පාසල් සඳහා මීට පෙර දින 3ක නිවාඩුවක් ලබා දීමට කටයුතු කර තිබිණි.
කෙසේ වෙතත්, තවදුරටත් පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය සහ ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් අද දින පාසල් වෙත ළමුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව විදුහල්පතිවරුන් ප්‍රකාශ කර ඇත.














