ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් වංචා කිරීමේ පැමිණිල්ලකට අනුව කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ වැඩිමහල් පුත්‍රයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිකිරීම් ව්‍යාපෘතියක් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූ අදාළ මුදල නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකරු විදේශගතවීමට හෝ මෙරටට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.














