කොළඹ මහා නගර සභාව දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය ලබන 31 වනදා දක්වා දිර්ඝ කර ඇති බව නාගරික කොමසාරිස් නිතීඥ රෝෂණි දිසානායක පවසයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2021/02 වන කාර්තාව සඳහා 2021.07.31 දක්වා වරෙන්තු ගාස්තු අය කිරීමෙන් තොරව වරිපනම් බදු ගෙවිය හැකි අතර 2021.07.31 දිනෙන් පසුව 2021/02 කාර්තුව සඳහා කරන ගෙවීම් වෙනුවෙන් නේවාසික දේපල සහ මුඩුබිම් සඳහා කාර්තුවේ වරිපනම් බදු වටිනාකමින් 15% ක්ද සෙසු දේපල සඳහා 20% ක් ද වශයෙන් වරෙන්තු ගාස්තු අය කරනු ඇති බවයි.