27 April 2024
#දේශීය

සාධාරණය සොයා කෘතිය අගමැතිට පිළිගන්වයි

ජ්‍යෙෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා, තමන් විසින් රචනා කළ කළණවත හෙවත් තවමත් හමුනොවූ “සාධාරණය සොයා“ කෘතිය අරලියගහ මන්දිරයේ දී අද (26) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

මෙම කතෘය මගින් පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර තිබේ.

පුජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ , ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *